Berghotel Escondite, The Best Hotel To Stay
 

Crisis & Struggle

Subscribe to receive Atelier Kandy events

 

 

9 responses to “Crisis & Struggle”

  1. Anura Dayaratne says:

    Sujith Rathnayake ගේ චිත්‍ර ප්‍රදර්ශනය දැන් නුවරට ඇවිත්. නුවර වැසියනි,මෙය අද දවසේ ඔබ නැරඹිය යුතුම ප්‍රදර්ශනයක්.. කදුරට කලාව සහිත්‍ය ප්‍රගමනය උදෙසා මහ නුවර Atilear අවකාශය විසින් කරන විශිශ්ට කාර්‍යයක්..
    කොළඹ පැවති ප්‍රදර්ශනයයෙන් පසු 2024 /02 / 26 වනදින අනිද්දා පුවත්පතේ පලවූ මේ ලිපිය ප්‍රදර්ශනය ගැනයි.. .
    සුජිත් ගේ යුටෝපියානු චිත්‍ර කලාව ..
    ඔක්තෝබර් විප්ලවයෙදී පෙරටුගාමී කලාකරුවන්ගෙන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කලාකෘති රුසියානු කලාවේ ඓතිහාසික සංධිස්ථානයක් .එල් ලිසිට්ස්කි 1920 විසින් නිර්මාණය කරලද රතු කුඤඤයෙන් සුදු හමුදාව අභිභවනය කරව් ,කසිමීර් මලෙවිව් විසින් නිර්මාණය කරන ලද අශ්රෝවාරෝහක රතු හමුදාව ( රෙඩ් කැල්වරී) වැනි නිර්මාණ රුසියන් විපලවයේ සදා සිහිවටනයන්ය ඉන්පසුව මිගායිල් ගොර්බජබ් බලයේ සිටි 1988 වසරේ ගුගංහම් කෞතුකාගාරයේ පවත්වනු ලැබූ ‘ද ග්රෙට් යුටෝපියා’ ප්‍රදර්ශනයද එයින් අදිරිපත්කෙරුණු නිර්මාණවල කලාත්මක ගුණුය පරයා නැගුනු අසංඛෙය , ඓතිහාසික හා බුද්ධිමය ප්‍රකාශනවලින් ඉමහත් වටිනාකමක් දිනා ගැණුනු අවස්ථාවක් විය .
    ද ග්‍රේට් යුටෝපියා ප්‍රදර්ශණයේ අරමුණ පැහැදිලි කරනු ලැබුවේ ” වඩා ශේෂ්ඨ අරමුණුවලට සේවය කරනුව කලාව යෙදවීමටත් තමන්වටා පවතින අරාජික ලෝකය තුල සුසංවාදය හා රීතිය ගොඩනැංවීමටත් පෙරටුගාමී කලාකරුවන්ට වූ අරමුණෙහි සාරය ‘යුටෝපියාව’ යන වචනයෙහි ගැබ්වී තිබේ . එමෙන්ම මෙම යුගයේදී කලාත්මක ශක්තිය , තමන්වෙත එක්කරගත් නිර්මාණාත්මක ප්‍රවේශයන්ද සහිතව තමන්ට වඩා කෙටි ජිවිතයක් සහිත දේශපාලනික දුෂ්ටිවදයන්ට සහ ආර්ථිකයන්ට එරෙහිව දිගින්දිගටම නැගීසිටි. ඒ නිසාම ,මහජනතාට දේශපාලනික උත්ගතයන් පිලිබඳ පසුබිමකින් තොරව , රුසියානු පෙරටුගාමී කලාවේ ප්‍රතෘලත්වය ප්‍රථම වතාවට දැනගැනීමට -සමයෙන් එය දැකබලාගෙන අපගේ ලෝකය තුල කලාවෙහි වර්ධනයේ එයට අයත්වන ස්ථානය පුර්නවශයෙන් මැනගැනීමට පුළුවන් වීම වඩාත් වැදගත් වෙයි ”
    ඉහත පුර්විකාව යොදාගනු ලැබුවේ රුසියන් විප්ලවයෙන් වසර 100ක් ඉක්ම ගිය පසු මෙරට ජනතාව විසින් ප්‍රජාත්‍රාන්ත්‍රීකව පත්කර ගැනුණු පාලකයෙක් ඒ ජනතාව විසින්ම පලවාහැරුණු නිරායුධ විප්ලවයකට පසු අරගලයට දායකත්වය දුන් ක්‍රියාකාරී කලාකරුවකුගේ පස්චාත් අරගල කලා ප්‍රදර්ශනය ගැන සටහනක් තබන්නටයි .
    අප්‍රේල් 9 වනදින උදැසන ගාලු මුවදොරින් ඇරබුණු ජනතා නැගීසිටීම සවස් යාමය වනතෙක් නොනවත්වා පැවතුන අතර මළහිරු සයුරේ ගිලෙමින් අදුර අප වටකරමින් ඉන්න මොහොතක අපගේ කතානායකයා වන සුජිත් රත්නයකගෙන් සමුගෙන මම එන්න සැරසෙන අවස්ථාවේ ඔහු පැවසුවේ සටන් කරුවන් සමග එදින රාත්‍රිය ඔහු ගාලු මුවදොර ගත කිරීමට තීරණය කර ඇති බවයි .එසේ එදින රැය පහන්කළ ඔහු පසු දිනසිට ‘අරගලයේ සිත්තරා’ බවට පත්වෙමින් අරගල භුමියේ සිය කලාගාරය ස්ථාපිත කරන ලදී .
    එතැන් පටන් අරගය ජයග්‍රහණය කරා රැගෙන යනතෙක් සිය නවාතැන ලෙස කලාගාරය පත්කරගත් ඔහුට සහය වන්නට ඔහු වටා සිටි විවිධ කලාකරුවන් ඔහු සමග එක්වුණු අතර එය අරගල භූමියේ කළා භාවිතාව වඩාත් උත්කර්ශවත්ලෙස පවත්වාගෙන යන්නට මහගු පිටුවහලක් විය .
    දුෂිත පාලකයා පලවා හැරියද පාලනය තවමත් පවතින දේශපාලනික පසුබිමක සුජිත්ගේ පින්සල තවමත් නිහඩ නැතිබව පසුගිය ද නිමාවට පත්වුණු ඔහුගේ අර්බුධය සහ අරගලය නැමැති ප්‍රදර්ශනය මගින් එය නැරබීමට පැමිණි මහජනතාවට පසක්කර දුන් සත්‍යයයි .යුටෝපියානු අර්ථයෙන් ගත්කල වඩා ශේස්ඨ සමාජමය අරමුණුවලට සේවය කරනුව කලාව යෙදවීමටත් තමන්වටා පවතින අරාජික ලෝකය තුල සුසංවාදය සහ රීතිය ගොඩනංවීමටත් තම කළා භාවිතාව යොදා ගැනීම සුජිත් ගේ චිත්‍රකලාවේ ඇති විශේෂත්වයයි.
    ප්‍රදර්ශනයේ සියලු කෘති අතිශය අර්ථ සම්පන්න වූ අතර එතුල අන්තරගත කතාවක් තිබීම නරබන්නා තුලඅරගල සමයේ තමන අත්දුටු දේශපාලනික අද්දැකීම් ආවර්ජනය කරගැනීමට හැකිවීම විශේෂිත විය .
    ප්‍රදර්ශන කෘතිමගින් එහි සෞන්දර්ය පරයා මේ මොහොතේ දේශපාලනය බුද්ධිමය ශක්තියෙන් පිළිගැනීම පනක්ම සත්තකින්ම ප්‍රමාණවත් නොවන බව කියන සුජිත් එයට එහාගිය ප්‍රයෝගික මැදිහවිමක් අවශ්‍ය යයි කියන කලාකරුවෙක් පසක්කර දෙන සත්‍යයයි . එනිසාම ප්‍රදර්ශනයේ සමහර කලාකෘති ප්‍රයෝගිකව අත්විදිමෙන් රසවිදීමට පුළුවන් ලෙස නිමකර තිබීම විශේෂත්වයක් .ඔහු යොදා තිබුණු ‘හිරේ යන්න එන්න’ නමැති උදෘත පාඨට අදාලව කර තිබුණු නිර්මාණය ප්‍රදර්ශනය නැරබීමට පැමිණි බොහෝ දෙනා සමරු සටහනක් ලෙස ජයාරූප ගතකර ලබා ගත අද්දැකීම ස්විශේෂී විය .
    මේ වනවිට ප්‍රදර්ශනය ගැන බොහෝ දේ ලියවී අවසන්, එබැවින් සුජිත්ගේ අද දවසේ සමාජ ,දේශපාලනික, කළාත්මක මැදිහත්වීම අර්ථකථනය කරන්නට පොල් වුඩ් විසින් දක්වන පහතසඳහන් තරම් ගැලපෙන අන් කිසිවක් නැත .
    “කලාකරුවා සංකල්පරුප මගින් ලෝකය සංජානනය කිරීමේ සන්තනිය මත් ,කලාකරුවාගේ හෝ කලාකාරිනියගේ ක්ෂේත්‍රය ඉන්ද්‍රිය සංජානනයන් ,ක්ෂණික ධරනාවන් හා මනොභාවයන් සමග පවත්නා සමීප සන්ධානමයත් , කළා නිර්මාණයේ දී අන්තර් -ඥානයට හෙවත් ප්‍රතිභානයට හා අවිඥානයට අයත්වන වඩා දැවැන්ත වූ කාර්යභාරයත් – මේ සියල්ලෙන් බෙහෙවින් සහතික කෙරෙන්නේ කුමක්ද .? කලාකරුවා දවසේ දේශපාලනය පසුපසින් ගාටන බවයි .එහෙත් ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභය කුමක්ද.? අසාමාන්‍ය කලාකරුවා විසින් , ක්ෂණික අරගලවලින් ඔබ්බට යන්න වූ සත්‍ය දිවසින් මෙන් දැක බලාගෙන අනාවරණය කරනු ලැබීමයි “-. අනුර දයාරත්න –
    –PICTURE 01, එල් ලිසිට්ස්කි 1920 විසින් නිර්මාණය කරලද රතු කුඤඤයෙන් සුදු හමුදාව අභිභවනය කරව්
    PICTURE 02, කසිමීර් මලෙවිව් විසින් නිර්මාණය කරන ලද අශ්රෝවාරෝහක රතු හමුදාව ( රෙඩ් කැල්වරී)
    PICTUR 03.- 1920 මාර්තු 01 වනදින (ඔක්තෝබර් විප්ලවයෙන් පසු) පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයේ පෝස්ටර් එකක්

  2. Kapila Krishantha says:

    නරඹන්නාව අහෝසි කරන සුජිත්ගේ දෘෂ්‍ය කලා එළඹුම ; අර්බුදය සහ අරගලය
    දෘෂ්‍ය කලාව පවතින්නෙ නරඹන්නා සහ කෘතිය අතර සිද්ධවෙන දෘෂ්‍යමය ගණුදෙනුවක් විදියට. කොටින්ම නරඹන්නාගෙ බැල්ම (Gaze) විසින් ඔහු ඉදිරියෙන් ඇති දෙය කලාත්මක වස්තුවක් බවට පත් කෙරෙනව. එය කලාත්මක වස්තුවක් බවට පත් කරමින් නරඹන්නා එය පරිභෝජනය කරනව. ඒ වගේම මේ නිරපේක්ෂ මමක් /නරඹන්නෙක්/විශයයක් (Subject) විසින් වස්තූන් මත හෙලන බැල්ම හරි රේකීයයි ජ්‍යාමිතිකයි වගේම එය නිතරම නරඹන්නා සිට වස්තුව දෙසට යොමුවී තියෙනව.මේ තමයි අපි සාමාන්‍යෙයන් දන්න දෘෂ්‍ය කලා අත්දැකීම.
    හැබැයි සුජිත්ගෙ අර්බුදය සහ අරගලය ප්‍රදර්ශණය නැරඹීමට යන නරඔන්නාට විදින්න සිද්ධ වෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් අත්දැකීමක්.
    අර්බුධය සහ අරගලය අවකාශයට ඇතුලු වෙද්දිම නරඹන්නා ප්‍රදර්ශන අවකාශය වෙත හෙලන බැල්ම (Gaze) විතැන් කරමින් ප්‍රදර්ශන අවකාශය විසින් නරඹන්නාට පෙරලා බැල්මක් හෙලනව(දූෂනයට එරෙහි ඇස- Anti corruption eye).ඉිතිං නරඹන්නා නැමැති විශය අහෝසි වෙලා යනව.ඒක හරියට මා වස්තුව දෙස හෙලන බැල්මම වෙනුවට වස්තුව විසින් මා දෙස හෙලන බැල්ම වගේ…
    ප්‍රදර්ශනයේ ඇති ප්‍රධාන කෘති දෙකක් මගින් ඉහත ක්‍රියාව තව තවත් සංකීර්ණ කරනව. එකක් “කැඩපත සහ ලොකප්” ( Mirror and Lock-Up) අනෙක “අරගලය සහ මලකඩ පණත “ (Aragalaya and Rusted act No iii) .
    “කැඩපත සහ ලොකප්” කෘතිය ඉදිරියට යන නරඹන්නාට/නරඹන්නියට මුණ ගැහෙන්නෙ තමා ඉදිරියෙන් ඇති හිර කූඩුවක යකඩ දොරක් සහ ඊටත් ඉදිරියෙන් ඇති විශාල කැඩපතක්.ඒ කැඩපත තමාවත් යකඩ දොරත් විතරක් නෙමෙයි ඉදිරියේ ඇති ලොකු අවකාශයක් හසු කරගන්න සමත්.ඉතිං කැඩපත ඉදිරියට යන තමාට දකින්න ලැබෙන්නෙ සිර මැදිරියක ඉන්න තමාගේම රූපය.කොටින්ම කැඩපත විසින් පෙරලා නරඔන්නාව නරඹමින් සිටිනව මෙතෙක් නිදහස් නරඹන්නෙක් විදියට කලාගාරයට ඇතුලු වුනු තමාව යකඩ කූරු අතර හිරවුනු සිරකරුවෙක් ලෙස..
    ෆූකෝ (මිෂෙල් ෆූකෝ) කියනව නූතන රාජ්‍ය කරන්නෙ කීකරු ශරීරයක් ඇති (Docile Bodies) නූතන මිනිසෙක් නිර්මාණය කිරීමය කියල.ඉතිං මේ කීකරු ශරීරය නිර්මාණය වෙන්නෙ පාසල රෝහල සිරගෙවල් වගේ රාජ්‍යවාදී ආයතන නූනන මිනිසාට නිරන්තරයෙන් හෙලන සුපරීක්ෂාකාරී බැල්ම නිසා.කොටින්ම අපට මහ මග හමුවෙන නිදහස් කාමී තීකරු මිනිසා කියන්නෙ රාජ්‍ය විසින් නිරන්තරයෙන් සුපරීක්ෂාකාරීත්වයට ලක් කෙරෙන හිස මත ජංගම හිරගෙයක් තබාගෙන යන අයෙක්.ඉතිං “කැඩපත සහ ලොකප්” කෘතිය ඉදිරියට පැමිණෙන නරඹන්නා තමාටම අවිඥාණික වුන තමා රාජ්‍ය සුපරීක්ෂාකාරීත්වය යටතේ සිරකරුවෙකුය යන්න දර්ශනය වෙනව. අනෙක මෙතනදි නරඹන්නා අහෝසි වෙලා නරඔන්නා කෘතියේම කොටසක් බවට පත්වෙනව.කොටින්ම නරඹන්නා “කැඩපත සහ ලොකප්” කෘතිය ඉදිරියට නොයන තාක් කෘතිය අසම්පූර්ණයි.කෘතිය සම්පූර්ණ වෙන්නෙ නරඹන්නා කැඩපත ඉදිරියට පැමිණීමෙන් පමණයි
    අනික කෘතිය අතිශයින් විචල්‍යයි.මොකද කෘතිය ඉදිරියට එන නරඹන්නා වෙනස් වෙන විට කෘතියේ දෘෂ්‍ය රූපය වෙනස් වෙන නිසා.
    “අරගලය සහ මලකඩ පණත “ (Aragalaya and Rusted act No iii) .කෘතිය තුල රළු ඝණ මල බැදුනු පලල් යකඩ රාමුවක වීදුරු තලයක් මත පුද්ගල මුහුණක් සිතුවම් වෙලා තියෙනව.ඒත් එක්කම පැත්තකින් ඒ මුහුණට සමාණ වටකුරු හැඩයට වීදුරු දර්පණය සිතුවම් නොකර තියෙනව.මේ කෘතිය අභිමුකයට පැමිණෙන නරඹන්නා/නරඔන්නිය මුලින්ම අර සිතුවම් කල පුද්ගල රූපය බලනව( viewers gaze) ක්ෂණයෙන් අර සිතුවම් නොකල අවකාශයේ දර්පණය තුලින් තමාගේම මුහුණ දකිනව.ඒත් එක්කම නැරඹීම (බැල්ම) නැමැති ක්‍රියාවේ කතෘ මාරු වෙනව අර පුද්ගල රූපය සහ දර්පනයෙන් දකින තමාගේම මුහුණ දෙසට.ඒ කියන්නෙ සිතුවම් කල රූපය විසිනුත් දර්පනයෙන් පෙනෙන තමාගේ රූපය විසිනුත් මාරුවෙන් මාරුවට නරඹන්නාව නරඹනව.ඒ වගේම කෘතියේ සිතුවම් කල පුද්ගල රූපය ඉදිරියේ ඇති ඝණ කම්බි දැල ඉරා දමමින් තියෙද්දි දර්පනයෙන් පෙනෙන නරඹන්නා ගේ රූපය තියෙන්නෙ කම්බි දැලෙන් වට වෙලා…
    කොටින්ම සුජිත්ගෙ අර්බුදය සහ අරගලය ප්‍රදර්ශනය නරඹන්න එන්නෙ නිදහස් නරඹන්නෙක් නම් ප්‍රදර්ශනය තුලදි නරඹන්නාව කෘතියේම කොටසක් බවට පත් වෙනව.
    අර්බුදය සහ අරගලයේ ප්‍රධාන තේමාවන් ගැන මේ මොහොතේ සමාජමය දේශපාලනමය වශයෙන් කොතෙකුත් කතා කල හැකියි.නමුත් මෙතනදි අපේ උත්සහය උනේ දෘෂ්‍යකලා භාවිතයක් ලෙස මේක සංකල්පගත කල හැක්කෙ කොහොමද බලන්න…
    ඕනෙනම් අපිට සුජිත්ගෙ ප්‍රදර්ශනයේ මාතෘකාවම දෘෂ්‍යකලා භාෂාවකින් නැවත ලිවිය හැකියි.
    මේ දෘෂ්‍ය කලා අත්දැකීම විසින් නරඹන්නාට නැරඹුම් අන්‍යතාවය අහෝසි කරල දානව..නරඹන්නා කලා කෘතියේ කොටසක් ලෙස කෘතිය විසින් ගිල දමනව..මේක නරඹන්නාගේ නැරඹුම්කාමී අනන්‍යතාවය සැබෑ ලෙසට අර්බුදය ඇද දැමීමක්.අනෙක් අතට අරගලය වෙන්නෙ කෘතියේම කොටසක් වුනු නරඹන්නා විසින් නරඹන්නා (විශය) සහ නරඹන්න(වස්තුව එසේත් නැතිනම් කෘතිය) වෙන්කොට නැරඹන්නාගේ අනන්‍යතාවය නැවත සොයාගන්නේ කෙසේද කියන උභතෝකෝටිකය.මන්ද නරඹන්නා නරඹන්නෙක් වෙලා කෘතිය වෙන් කල ගමන් කෘතිය අසම්පූර්ණ වෙනව…කෘතිය සම්පූර්ණ කරන්න ගිය ගමන් නරඹන්නා අහෝසි වෙනව.
    =================================
    ඉතින් සුජිත්ගෙ මේ දුර්ලභ කලාත්මක වෙහෙස නැවත වරක් අප්‍රේල් පළවෙනිද ඉදල නුවර අටෙලියර් පෙදෙසෙදි දිග හැරෙනව…දෘෂ්‍ය කලාවේ මේ අපූරු සීරු මාරුව විදගන්න ඒ ගැන දොඩමලු වෙන්න හැමෝටම ආරාධනා කරනව.

  3. Vijaya Kumar says:

    Sujith, you have managed in this small space brought out the aspirations and the challenges faced by te Aragalaya. Congratulations and hope your efforts will inspire the citizens of the country.

  4. Rupika Rajakaruna says:

    Sujith, you have a very unique style. It is great that you decided to hold this exhibition in Kandy. All the best.

  5. S Kumar says:

    Interesting presentation, with thoughtful comments.

  6. Gaya Nagahawatte says:

    Thank you to Atelier for organizing this Exhibition in Kandy.

  7. Shamala Kumar says:

    Sujith, Thank you for bringing your exhibition here to Kandy and continuing the conversation, engagement and hope for a better home for all of us.

  8. berghotel says:

    Hoping to visit sometime soon. Missed last one in Kandy.. wonderful opportunity for Kandy.

  9. Priyantha Edirisinghe says:

    This exhibition comes ar a fitting time considering the recent surge of socially engaged art.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *